දිස්ත්‍රික්ක තුනකට ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයෙන් නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම්

ප්‍රදේශයේ පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනක් සඳහා ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් නායයෑම් පිළිබඳ මුල් අවධියේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. අද (15) පෙ.ව. 10:00 ට නිකුත් කරන ලද මෙම අනතුරු ඇඟවීම හෙට (16) පෙ.ව. 10:00 දක්වා පැය 24ක කාලයක් සඳහා බලපැවැත්වෙන අතර, ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රදේශයටත්, කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොළ සහ රුවන්වැල්ල යන ප්‍රදේශවලටත් පළමු මට්ටමේ (කහ වර්ණ) “විමසිලිමත් වන්න” නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. මීට අමතරව, කළුතර දිස්ත්‍රික්කයේ දොඩංගොඩ, බුලත්සිංහල, බේරුවල, ඉංගිරිය, මතුගම, පාළින්දනුවර සහ වලල්ලාවිට යන ප්‍රදේශ සඳහාද මෙම අනතුරු ඇඟවීම අදාළ වේ.

What's your reaction?

Related Posts

1 of 1,332

Leave A Reply

Your email address will not be published. Required fields are marked *