දිස්ත්‍රික්ක 5කට නායයෑමේ රතු නිවේදන

පවතින අයහපත් කාලගුණික තත්ත්වය තවදුරටත් වර්ධනය වීමත් සමඟ දිස්ත්‍රික්ක පහකට බලපාන පරිදි මූලික මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන ඇත. ඒ අනුව බදුල්ල, කුරුණෑගල, මාතලේ, මොණරාගල සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 8ක් මේ වන විටත් නායයෑමේ අවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබේ.​මෙම අවදානම් සහිත ප්‍රදේශවල පදිංචි ජනතාව සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීම සඳහා දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බව අදාළ බලධාරීන් අවධාරණය කරයි. විශේෂයෙන් කඳු බෑවුම් සහ නායයෑමේ ලක්ෂණ පෙන්නුම් කරන ස්ථාන ආශ්‍රිතව සිටින පුද්ගලයන් කාලගුණික වෙනස්වීම් පිළිබඳව නිරන්තර අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය වේ.

What's your reaction?

Related Posts

1 of 1,135

Leave A Reply

Your email address will not be published. Required fields are marked *