නාමල් රාජපක්ෂගේ ක්‍රිෂ් නඩුව ජූලි 7 වැනිදා විභාගයට

ප්‍රකට ක්‍රිෂ් ගනුදෙනුවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුව ලබන ජූලි මස 07 වැනිදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (29) තීරණය කළේය. නීතිපතිවරයා විසින් පවරා ඇති මෙම නඩුවට අදාළ ඉදිරි කටයුතු එදින සිට පවත්වාගෙන යාමට අධිකරණය දින නියම කරන ලදී.​කොළඹ මහාධිකරණ විනිසුරුවරයා ඉදිරියේ මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී, ඊට අදාළව පැවැති පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය (Pre-trial conference) සම්පූර්ණයෙන්ම අවසන් කෙරුණි. ඉන් අනතුරුවයි නඩුවේ ප්‍රධාන විභාගය ආරම්භ කිරීම සඳහා මෙලෙස ජූලි මාසයේ දිනයක් වෙන් කිරීමට අධිකරණය පියවර ගත්තේය.

What's your reaction?

Related Posts

1 of 1,165

Leave A Reply

Your email address will not be published. Required fields are marked *