නාමල් රාජපක්ෂ අදත් අධිකරණයට

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා එයාර් බස් යාත්‍රා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් විශුද්ධිකරණ සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහි නඩුකරය අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවීමට නියමිතය.​මෙම සිද්ධියට අදාළ මුල් තොරතුරු වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට පෙර නඩු වාරයකදී අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.​මේ අතර, ප්‍රශ්නගත එයාර් බස් සහ ක්‍රිෂ් ගනුදෙනු විමර්ශනවලට අදාළ අල්ලස් නඩු හේතුවෙන් මන්ත්‍රීවරයා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (29) නියෝග කළේය.

What's your reaction?

Related Posts

1 of 1,355

Leave A Reply

Your email address will not be published. Required fields are marked *