තරුණියක් පැහැරගෙන යන බවට ලැබුණු හදිසි ඇමතුම් තොරතුරක් මත ක්රියාත්මක වූ නාරාහේන්පිට පොලිසිය, ප්රදේශයේ මාර්ග බාධකයක් යොදා අදාළ මෝටර් රථය පරීක්ෂා කිරීමට උත්සාහ කර ඇත. කෙසේ වෙතත්, පොලිස් අණ නොතකා රථය වේගයෙන් ඉදිරියට ධාවනය කිරීම නිසා නිලධාරීන් විසින් එය නැවැත්වීමේ අරමුණින් වෙඩි තැබීම සිදුකර තිබේ.වෙඩි ප්රහාරය හමුවේ රථය නැවැත්වීමත් සමඟම, එය පැදවූ සැකකරු පැහැරගෙන යමින් සිටි තරුණිය සහ වාහනය එම ස්ථානයේම දමා පලා ගොස් ඇත. වාසනාවකට මෙන් මෙම සිදුවීමෙන් කිසිදු පාර්ශ්වයකට ශාරීරික හානි සිදුවී නොමැති බව පොලිසිය තහවුරු කරයි.පළා ගිය සැකකාර රියදුරු අත්අඩංගට ගැනීම සඳහා මේ වන විට පුළුල් පොලිස් විමර්ශන ක්රියාත්මක කරමින් පවතී. පැහැර ගැනීමට ලක් වූ තරුණිය ආරක්ෂිතව මුදාගෙන තිබේ.


























