නුවරඑළිය පවුල් ආරවුලකින් බිරිඳ මරුට

නුවරඑළිය, ලවර්ස්ලිප් වත්ත ප්‍රදේශයේදී ඊයේ (29) සිදුවූ පවුල් ආරවුලක් දුරදිග යාමෙන් බරපතල තුවාල ලැබූ කාන්තාවක් රෝහල්ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබේ. නුවරඑළිය පොලිසිය පවසන පරිදි, මෙම අනපේක්ෂිත ප්‍රහාරයෙන් මියගො ඇත්තේ විනයාගපුරම් පදිංචිව සිටි 43 හැවිරිදි වියේ පසුවූ තිදරු මවකි.මූලික පොලිස් විමර්ශනවලදී අනාවර වී ඇත්තේ දිගුකාලීන පවුල් ගැටළුවක් මුල්කරගනිමින් සැමියා සහ බිරිඳ අතර උණුසුම් වචන හුවමාරුවක් හටගෙන ඇති බවයි. එම මතභේදය උත්සන්න වීමත් සමඟ සැමියා විසින් තියුණු ආයුධයක් වන පොරවක් භාවිතා කර බිරිඳට මාරාන්තික ප්‍රහාරයක් එල්ල කර ඇත.ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ කාන්තාව වහාම නුවරඑළිය මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගත්තද, ඇයගේ ජීවිතය බේරාගැනීමට වෛද්‍යවරුන් සමත්වී නැත. සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර සැමියා මේ වන විට පොලිස් භාරයට ගෙන ඇති අතර, නුවරඑළිය පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

What's your reaction?

Related Posts

1 of 1,308

Leave A Reply

Your email address will not be published. Required fields are marked *