පදියතලාවේ නව ලංකා සතොස ශාඛාවක් විවෘත කෙරේ

ප්‍රදේශවාසීන්ට සහන මිලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පහසුවෙන් ලබා ගැනීමේ අරමුණින් පදියතලාව නගරයේ නව ලංකා සතොස ශාඛාවක් පසුගියදා විවෘත කර තිබෙනවා. වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන මහතා ප්‍රධානත්වයෙන් මෙම විවෘත කිරීම සිදු කෙරුණා.​පදියතලාව සහ අවට ප්‍රදේශවල ජනතාවගේ දෛනික අවශ්‍යතා සපුරාලීම මෙමගින් අපේක්ෂා කෙරෙනවා. වෙළෙඳපොළේ පවතින මිල ගණන්වලට සාපේක්ෂව අඩු මිලකට ගුණාත්මක භාණ්ඩ මිලදී ගැනීමේ අවස්ථාව මෙම ශාඛාව හරහා පාරිභෝගිකයින්ට හිමි වනවා.

What's your reaction?

Related Posts

1 of 1,441

Leave A Reply

Your email address will not be published. Required fields are marked *