පන්නිපිටියේ මාරක රිය අනතුරක් – යතුරුපැදිකරුවෙකු ජීවිතක්ෂයට

හයිලෙවල් මාර්ගයේ පන්නිපිටිය ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදු වූ රිය අනතුරකින් යතුරුපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පන්නිපිටිය, බ්‍රහ්මණගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පන්නිපිටිය දෙස සිට කොට්ටාව දෙසට ඔහු විසින් ධාවනය කළ යතුරුපැදිය මාර්ග අයිනේ නවතා තිබූ කන්ටේනර් රථයක පසුපස ගැටී එම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනතුරෙන් තුවාල ලැබූ යතුරුපැදිකරු හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් කන්ටේනර් රථ රියදුරා කොට්ටාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

What's your reaction?

Related Posts

1 of 1,270

Leave A Reply

Your email address will not be published. Required fields are marked *