හාරිස්පත්තුව පූජාපිටිය ජල පිරිපහදු මධ්යස්ථානයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් ප්රදේශ කිහිපයකට පැය 42 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි. ඒ අනුව හෙට (21) පෙ.ව 09.00 සිට 23 වන සිකුරාදා ප.ව 3.00 දක්වා මෙම ජල කප්පාදුව ක්රියාත්මක වේ.මේ යටතේ මැදවෙල (පැරණි හා නව) සේවා ජලාශයට අයත් ප්රදේශ, ගල්ලෙනවත්ත, ගලගෙදර සහ මාවතගම යන ප්රදේශවලට අයත් මාර්ග රැසක ජල සැපයුම තාවකාලිකව අත්හිටුවීමට නියමිතය.ජල සැපයුම අත්හිටුවීම නිසා පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාව පිළිබඳව කණගාටුව පළ කරන ජල සම්පාදන මණ්ඩලය, අදාළ කාල සීමාව තුළ ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.



























