ප්‍රදේශ කිහිපයකට වැසි වාර කිහිපයක්

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ඇතුළු ප්‍රදේශ කිහිපයකට වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් මෙම වැසි තත්ත්වය අපේක්ෂා කෙරේ. ඌව පළාතේ මෙන්ම අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට පස්වරු 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි වැටිය හැකි අතර, දිවයිනේ ඉතිරි ප්‍රදේශවල සාමාන්‍යයෙන් වියළි කාලගුණයක් පවතී.​මේ අතර උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, මධ්‍යම කඳුකර බටහිර බෑවුම් ප්‍රදේශවලත්, ත්‍රිකුණාමලය, හම්බන්තොට මෙන්ම මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 30 ත් 40 ත් අතර තරමක තද සුළං ඇති විය හැක. ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං මඟින් සිදුවිය හැකි හානි වළළා ගැනීමට කල්පනාකාරී වන ලෙස ජනතාවට දැනුම් දී ඇත.​සූර්යයා දකුණට ගමන් කිරීමේ වාර්ෂික සංසිද්ධිය සමඟ, අගෝස්තු 28 වැනිදා සිට සැප්තැම්බර් 7 වැනිදා දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට හිරු සෘජුවම ඉහළින් පිහිටයි. මේ යටතේ අද දහවල් 12:10 ට කල්පිටිය, තලාව, ගල්කඩවල සහ වෙරුගල් ඇතුළු ප්‍රදේශ කිහිපයකටම හිරු මුදුන් වී ඇති බව කාලගුණ අංශ තහවුරු කරයි.

What's your reaction?

Related Posts

1 of 1,310

Leave A Reply

Your email address will not be published. Required fields are marked *