දිවයිනේ ප්‍රධාන පෙළේ ශික්ෂණ සහ විශේෂිත රෝහල් පහක් සඳහා නව අධ්යක්ෂවරුන් පත්කරමින් ඊට අදාළ නිල ලිපි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් ලබා දී ඇත. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය මත සිදුකළ මෙම පත්වීම් වහාම ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.ඒ අනුව, කළුබෝවිල ශික්ෂණ රෝහලේ නව අධ්‍යක්ෂවරිය ලෙස සංවිධාන සංවර්ධන අධ්යක්ෂවරයා ලෙස කටයුතු කළ වෛද්‍ය ඩබ්ලිව්. එම්. යූ. එස්. විජේමාන්න මහත්මියත්, රාගම ශික්ෂණ රෝහලේ නව අධ්යක්ෂවරයා ලෙස නුවරඑළිය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා ලෙස කටයුතු කළ වෛද්‍ය ඩී. ඒ. කේ. පෙරේරා මහතාත් පත් කර තිබේ. තවද, රිජ්වේ ආර්යා ළමා රෝහලේ නව අධ්යක්ෂවරයා ලෙස ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂවරයා ලෙස කටයුතු කළ වෛද්‍ය ඩබ්ලිව්. ඒ. පී. පී. රත්නසේකර මහතාද, මඩකළපුව ශික්ෂණ රෝහලේ නව අධ්යක්ෂවරයා ලෙස උතුරු කල්මුණේ මූලික රෝහල් අධ්යක්ෂ වෛද්‍ය ජී. සුකුණන් මහතාද පත් කර ඇත. මීට අමතරව, පේරාදෙණිය ශික්ෂණ රෝහලේ නව අධ්යක්ෂවරයා ලෙස කෑගල්ල මහ රෝහලේ අධ්යක්ෂවරයා ලෙස කටයුතු කළ වෛද්‍ය ඩබ්ලිව්. එම්. සී. එම්. විජේසිංහ මහතා පත් කර ඇති අතර, රෝහල් පද්ධතියේ පරිපාලන කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම අරමුණු කරගනිමින් සිදුකළ මෙම නව පත්වීම් සඳහා අමාත්‍යවරයා සිය සුබ පැතුම් ද එක්කර තිබේ.



























