ප්‍රභූ පන්තියට යළි කිසිසේත්ම දේශපාලන බලය ලබා ගැනීමට ඉඩ තබන්නේ නැති බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා අවධාරණය කළේය. වත්මන් රජයේ පූර්ණ අවධානය යොමුව ඇත්තේ මෙතෙක් කලක් පීඩාවට පත්ව සිටි පොදු ජනතාව නගාසිටුවීම කෙරෙහි බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.ඔහු මේ බව කියා සිටියේ පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ නව සේවකයන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ නිල උත්සවයකට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි. මෙම පත්වීම් ප්‍රදානයේදී ස්ථිර ක්ෂේත්‍ර පශුසම්පත් සහකාර තනතුරු සඳහා පුද්ගලයන් 20 දෙනෙකුට සහ ස්ථිර රියදුරු තනතුරු සඳහා 14 දෙනෙකුට නව පත්වීම් හිමි විය.පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය බී.සී.එස්. පෙරේරා මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ආයතනික නියෝජිතයන් පිරිසක් සහභාගී වූ මෙම උත්සවයේදී, නවකයින් රාජ්‍ය සේවයට එක්කර ගනිමින් ආයතනයේ ඉදිරි ප්‍රගතිය පිළිබඳවද සාකච්ඡා කෙරිණි.

























