දිවයිනේ පළාත් සහ දිස්ත්‍රික්ක කිහිපයකට ඉදිරි කාලයේදී විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලට මෙම තත්ත්වය බලපානු ඇත. විශේෂයෙන්ම මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක පමණ තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතී.මේ අතර හම්බන්තොට සහ අනුරාධපුර යන දිස්ත්‍රික්කවලට වැසි ස්වල්පයක් අපේක්ෂා කළ හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මීට අමතරව මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් කලාපය, උතුරු සහ උතුරු-මැද පළාත් මෙන්ම ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්ක හරහා විටින් විට පැයට කිලෝමීටර් 40 ත් 50 ත් අතර වේගයකින් හමන තද සුළං ඇතිවිය හැකිය.ගිගුරුම් සහිත වැසි තත්ත්වයන් සමඟ තාවකාලිකව හමායන තද සුළං සහ අකුණු අනතුරු ඇතිවීමේ අවදානමක් පවතින බැවින්, එමඟින් සිදුවන හානි අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.



























