පාකිස්ථානයේ සිට ශ්‍රී ලංකාවට නීතිවිරෝධී ලෙස එවන ලද මත්ද්‍රව්‍ය තොගයක් රැගත් බහාලුම් දෙකක් සම්බන්ධ විමර්ශනවල පවතින ප්‍රමාදයන් සහ අඩුපාඩු සොයා බැලීම සඳහා පොලිස් විශේෂ විමර්ශන ඒකකය (SIU) විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් අරඹා තිබේ. පොලිස්පතිවරයාගේ විශේෂ නියෝග මත මෙම පියවර ගෙන ඇත්තේ පවතින පරීක්ෂණ ක්‍රියාවලියේ විනිවිදභාවය සහ අපක්ෂපාතීත්වය තහවුරු කිරීමේ අරමුණින්ය.මේ අතර, අදාළ මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳ ප්‍රධාන පරීක්ෂණ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අතිශය විනිවිදභාවයකින් යුතුව තවදුරටත් ක්‍රියාත්මක කරමින් පවතින බව පොලිසිය නිල වශයෙන් තහවුරු කර සිටී.



























