පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

අද (23) පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව යළි රැස්වීමට නියමිත අතර, දවසේ කාලසටහනට අනුව මුල් මිනිත්තු කිහිපය පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර ඇත. පෙරවරු 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහාත්, ඉන් අනතුරුව ස්ථාවර නියෝග යටතේ වන විශේෂ ප්‍රශ්න ඉදිරිපත් කිරීමටත් අවස්ථාව සලසා දී තිබේ.​අද දින සභාගත කෙරෙන ප්‍රධාන කටයුතු අතරට අපනයන කෘෂිකර්මාන්තය ප්‍රවර්ධන (සංශෝධන) පනත් කෙටුම්පතේ දෙවැනි වර කියවීම සහ බලශක්ති අමාත්‍යාංශයට අදාළ 2026 වර්ෂයට අදාළ අංක 05 දරන පරිපූරක ඇස්තමේන්තුව පිළිබඳ විවාදය ඇතුළත් වේ. සවස 5.00න් පසු සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන් කර ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

What's your reaction?

Related Posts

1 of 1,344

Leave A Reply

Your email address will not be published. Required fields are marked *