පනාගොඩ ප්රදේශයේදී ඊයේ රාත්රියේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී චන්දන සූරියආරච්චි අතුරුගිරිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම අනතුර සිදුවූ ආකාරය සහ ඒ හා සම්බන්ධ වැඩිදුර විමර්ශන කටයුතු මේ වන විට පොලිස් මූලස්ථානය මඟින් ක්රියාත්මක කරමින් පවතී.අදාළ සිදුවීමත් සමඟ මන්ත්රීවරයාට එරෙහිව නීතිමය ක්රියාමාර්ග ගැනෙන අතර, සිද්ධියට මුහුණපැදි පාර්ශ්වයන් සහ අදාළ තොරතුරු අනාවරණය කරගැනීම සඳහා පොලීසිය පරීක්ෂණ පවත්වයි. ඉදිරියේදී ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

























