පාසල් හැරගිය තරුණයින්ටද ජපානයේ රැකියා අවස්ථා

පාසල් අධ්‍යාපනය සම්පූර්ණ කර නොමැති තරුණයින්ට පවා ජපානයේ ට්‍රක් රථ රියදුරු රැකියා සඳහා අයදුම් කළ හැකි බව ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි සමාගම පවසනවා. සමාගමේ සභාපති ලාල් හෙට්ටිආරච්චි මහතා මේ බව සඳහන් කළේ පසුගිය 1 වැනිදා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවේදීයි. මේ අතර විදේශ රැකියාවලට යන ශ්‍රමිකයින් සඳහා ගුවන් ටිකට්පත් අලෙවි කරන නව මධ්‍යස්ථානයක් ද සමාගම විසින් ආරම්භ කර තිබෙනවා. ඒ හරහා වෙළෙඳපොළ මිලට වඩා අඩු ගාණකට ටිකට්පත් ලබාගැනීමට අවස්ථාව සැලසෙන බවද හෙට්ටිආරච්චි මහතා පැවසුවා.රජයට අනුබද්ධිත එකම විදේශ රැකියා නියෝජිතායතනය වන මෙම සමාගම, මැදපෙරදිග, ජපානය, දකුණු කොරියාව සහ ඊශ්‍රායලය ඇතුළු රටවල් කිහිපයක රැකියා සඳහා බඳවාගැනීම් ආරම්භ කර ඇති බවද කියා සිටියා. ඉදිකිරීම්, කාර්මික, සෞඛ්‍ය, තොරතුරු තාක්ෂණ, ඉංජිනේරු, ප්‍රවාහන, කෘෂිකර්ම සහ ඇඟලුම් යන ක්ෂේත්‍ර ඇතුළුව පුහුණු, අර්ධ පුහුණු සහ වෘත්තීය ශ්‍රමිකයින් සඳහා අවස්ථා රැසක් ඇති අතර, අවම ගාස්තුවකින් අයදුම් කළ හැකි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

What's your reaction?

Related Posts

1 of 1,314

Leave A Reply

Your email address will not be published. Required fields are marked *