රාජ්‍ය නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් මෙන් පෙනී සිටිමින් ජනතාවගේ බැංකු ගිණුම්වල ඇති මුදල් සහ රහස්‍ය තොරතුරු සොරකම් කරන සංවිධානාත්මක වංචා ක්‍රමයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් දැඩි හදිසි දැනුම්දීමක් නිකුත් කර තිබේ. මහ බැංකුව හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) නියෝජනය කරන බව පවසමින් දුරකථන මාර්ගයෙන් සම්බන්ධ වන මෙම වංචාකරුවන්, පුරවැසියන්ගේ ජාතික හැඳුනුම්පත් අංක නීති විරෝධී ක්‍රියාකාරකම් සඳහා යොදාගෙන ඇති බවට අසත්‍ය චෝදනා නඟා බිය ගන්වමින් ඔවුන්ගේ එක් වරක් පමණක් භාවිත කරන මුරපද (OTP) සහ බැංකු ගිණුම් තොරතුරු ලබා ගැනීමට කටයුතු කරයි.කිසිදු රජයේ ආයතනයක් හෝ බැංකුවක් දුරකථන හෝ සමාජ මාධ්‍ය හරහා කිසිදු අවස්ථාවක OTP අංක හෝ රහස්‍ය මුරපද ඉල්ලා නොසිටින බව පොලිසිය වැඩිදුරටත් අවධාරණය කර සිටී. එබැවින්, යම් හෙයකින් මෙවැනි වංචනික ක්‍රියාවලට හෝ මූල්‍ය වංචාවකට ලක් වුවහොත්, ඒ පිළිබඳව දැනුම් දීම සඳහා පරිගණක අපරාධ විමර්ශන අංශයේ 011-2300756, 071-8592918 හෝ 071-8591765 යන දුරකථන අංක ඔස්සේ වහාම සම්බන්ධ වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.























