පොහෝ දිනවල දන්සල් පැවැත්වීම සීමා කිරීමට නාගොඩින් තීරණයක්

වෙසක්, පොසොන් සහ ඇසළ වැනි ප්‍රධාන පුර පසළොස්වක පොහෝ දිනයන්හිදී ගාල්ල, නාගොඩ ප්‍රදේශය තුළ දන්සල් පැවැත්වීම සීමා කිරීමට නාගොඩ ප්‍රාදේශීය සභාව පියවර ගෙන ඇත. පොහෝ දිනවල මහා පරිමාණයෙන් දන්සල් සංවිධානය කිරීම හේතුවෙන්, ජනතාව ආගමික වත්පිළිවෙත්වලින් ඈත්වී විහාරස්ථාන වෙත පැමිණීම අඩු වෙමින් පවතින බව පවසමින් මෙම පියවර ගෙන තිබේ. නාගොඩ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ප්‍රධානීන් ඇතුළු ප්‍රදේශයේ මහා සංඝරත්නයේ උපදෙස් හා මඟපෙන්වීම් මත මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.​නව සැලසුමට අනුව, පොහෝ දිනවලදී ජනතාව විහාරස්ථාන කේන්ද්‍ර කරගත් ආමිස හා ප්‍රතිපත්ති පූජාවලට වැඩි වශයෙන් යොමු කරවීමට බලාපොරොත්තු වේ. ඒ වෙනුවට, දන්සල් පැවැත්වීමට අපේක්ෂා කරන සිවිල් සංවිධාන සහ තරුණ සමිති උනන්දු කරවනු ලබන්නේ අදාළ පොහෝ දිනට පසු දිනවලදී එම දන්සල් සංවිධානය කිරීමටයි.​කෙසේ වෙතත්, වසර ගණනාවක සිට අඛණ්ඩව පැවතෙන වෙසක් දන්සල් සංස්කෘතියට මෙලෙස සීමාවන් පැනවීම පිළිබඳව ප්‍රදේශයේ දන්සල් සංවිධායකවරුන් සහ ප්‍රදේශවාසීන් අතර මේ වන විට විවිධ මතවාදයන් සහ දැඩි කතාබහක් මතු වී තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,154

Leave A Reply

Your email address will not be published. Required fields are marked *