කොළඹ පෝට් සිටි පරිශ්‍රයේදී සිදු වූ පුද්ගලයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ අපරාධයට සම්බන්ධව පලාගොස් සිටින චීන ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය ඉල්ලා සිටී. පසුගිය ජූලි 23 වන දින පෝට් සිටි ප්‍රදේශයේදී චීන ජාතිකයින් පිරිසක් ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය එල්ල වී තිබූ අතර, එහිදී පුද්ගලයෙකු පැහැරගෙන ගොස් මරා දමා තිබිණි.මෙම අපරාධයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු දැනටමත් කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) මඟින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. සංචාරක වීසා මත දිවයිනට පැමිණ ඇති පලාගොස් සිටින අනෙක් සැකකරුවන්ගේ වීසා බලපත්‍ර කාලයද මේ වන විට අවසන් වී ඇති අතර, ඔවුන් නීති විරෝධී ලෙස මුහුදු හෝ ගුවන් මාර්ග ඔස්සේ රටින් පලා යාමට ඉඩ ඇති බවට ආරක්ෂක අංශ සැක පළ කරති.චෙන් හොංබිං (ප්රකාරක අංක: ED1732871), ලූ ගාඕ (ගමන් බලපත්‍ර අංක: EP6558337) සහ ෂියැං හුවාචෙං (ගමන් බලපත්‍ර අංක: EM4832130) යන අය මෙලෙස අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය වී තිබේ. මෙම සැකකරුවන් පිළිබඳ යම් තොරතුරක් වෙතොත්, වහාම 071-8591735 යන දුරකථන අංකයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.



























