ත්‍රිකුණාමලය වෙරළ තීරයේ සිදුකළ බව කියන අනවසර ඉදිකිරීමක් සහ ආන්දෝලනාත්මක බුද්ධ ප්‍රතිමාවක් සම්බන්ධ නඩුවට අදාළව අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කර තිබේ. මෙම නියෝගය නිකුත් කරන ලද්දේ අද දින අදාළ නඩුව ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීය.අද දින නඩුව විභාගයට ගත් අවස්ථාවේදී උන්වහන්සේ ඇතුළු ඊට අදාළව නම් කර සිටි තවත් සැකකරුවන් කිහිපදෙනෙකුම අධිකරණය හමුවේ පෙනී සිටීමට අපොහොසත් වී තිබිණි. අපරාධ නඩුවකට අදාළව අධිකරණය මගහැරීම පදනම් කරගනිමින් මහේස්ත්‍රාත්වරයා විසින් මෙම වරෙන්තුව නිකුත් කර ඇත.අධිකරණ නියෝගය නිකුත් කිරීමෙන් අනතුරුව, අදාළ නඩුවේ වැඩිදුර විභාගය 2027 ජනවාරි මස 06 වැනිදා දක්වා කල් තැබීමට මහේස්ත්‍රාත්වරයා තීරණය කළේය.



























