අනුරාධපුර පූජා භූමිය තුළ කලහකාරී ලෙස හැසිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිසක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගනු ලැබූ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා සිව්නමක් සහ තවත් සිවිල් සැකකරුවන් තිදෙනෙකු මෙලෙස ලබන නොවැම්බර් 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.



























