බස්නාහිර ඇතුළු පළාත් කිහිපයකට වැසි සහ තද සුළං

දිවයිනේ බස්නාහිර, සබරගමුව, වයඹ ඇතුළු තවත් දිස්ත්‍රික්ක කිහිපයකට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව, වයඹ, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තරමක තද වැසි පතිත වීමේ හැකියාවක් පවතී. මීට අමතරව ඌව පළාත, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල සවස 2.00 න් පසුව ස්ථාන ස්වල්පයක වැසි වර්ධනය විය හැක.​එමෙන්ම උතුරු-මැද, වයඹ, මධ්‍යම, දකුණ සහ මන්නාරම දිස්ත්‍රික්කය ආශ්‍රිතව පැයට කිලෝමීටර 30 ත් 40 ත් අතර වේගයකින් යුතු තද සුළං ඇතිවිය හැකි බව සඳහන් වේ. මෙම පවතින සක්‍රිය කාලගුණ තත්ත්වයත් සමඟ ප්‍රදේශ කිහිපයක සුළගේ වේගය හදිසියේ ඉහළ යාමේ ප්‍රවණතාවක් ද පවතී.​ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු සහ තාවකාලික තද සුළං ඇතිවිය හැකි බැවින්, ඒ මගින් සිදුවිය හැකි අනතුරු හා හානි අවම කරගැනීමට අවශ්‍ය පූර්ව ආරක්ෂිත පියවර ගන්නා ලෙස බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

What's your reaction?

Related Posts

1 of 1,284

Leave A Reply

Your email address will not be published. Required fields are marked *