බස්නාහිර ඇතුළු පළාත් කිහිපයකට මිලිමීටර් 75ක වැසි

​ශ්‍රී ලංකාවට බලපා තිබූ වායුගෝලීය කැළඹිලි ස්වභාවය මේ වන විට දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව ඉදිරියේදී එම තත්ත්වයේ බලපෑම ක්‍රමයෙන් පහව යනු ඇති බව අපේක්ෂා කෙරේ.​කෙසේ වෙතත්, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි අපේක්ෂා කළ හැකිය. ඌව, නැගෙනහිර, උතුරු මැද සහ මුතිතිව් හි ඇතැම් ප්‍රදේශවලට ද සවස 1න් පසු වැසි වැටිය හැකි බැවින්, අකුණු සහ තද සුළංවලින් ආරක්ෂා වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.

What's your reaction?

Related Posts

1 of 1,334

Leave A Reply

Your email address will not be published. Required fields are marked *