බස්නාහිර ඇතුළු පළාත් කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි

හෙට (22) දිනයේදී දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි අපේක්ෂා කෙරේ.​මීට අමතරව, ඌව පළාතට මෙන්ම මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලට පස්වරු 2.00න් පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමේ හැකියාවක් පවතී. ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලිකව තද සුළංද ඇති විය හැකි බැවින්, ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී දැඩි අවධානයෙන් පසුවන ලෙස කාලගුණ අංශ ජනතාවගෙන් ඉල්ලා සිටී.

What's your reaction?

Related Posts

1 of 1,342

Leave A Reply

Your email address will not be published. Required fields are marked *