මෑතකදී ඉන්ධන මිල සංශෝධනය වුවද ඊට සාපේක්ෂව බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය තහවුරු කරයි.එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරන්නේ පවත්නා මිල සූත්‍රයට අනුව ගාස්තු වෙනස් විය යුතු 04%ක ප්‍රතිශත සීමාවට ඉන්ධන මිල වෙනස ළඟා වී නොමැති බවයි.එබැවින් වර්තමානයේ පවතින බස් ගාස්තු එලෙසම ඉදිරියටත් පවත්වාගෙන යන බව ඒ මහතා වැඩිදුරටත් පැහැදිලි කළේය.



























