අතිරේක භෝග 12ක් සඳහා වගා සහනාධාර

​වී වගාවට අමතරව තවත් අතිරේක ආහාර භෝග 12ක් සඳහා ද වී වගාවට ලබාදෙන සහනාධාර මුදලම ලබා දීමට පියවර ගෙන ඇති බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි. වී වගා කරන ඉඩම්වල අතිරේක බෝග වගා කරන ගොවීන්ට ද මෙම සහනය හිමි වේ.​මෙලෙස ලබාදෙන මුදල් පොහොර මිලදී ගැනීමට, වගා හානි වෙනුවෙන් හෝ වෙනත් ඕනෑම ගොවිතැන් කටයුත්තක් සඳහා නිදහසේ යොදවා ගැනීමට ගොවීන්ට අවස්ථාව සලසා දී ඇත.​පවත්නා රජය බලයට පත්වීමෙන් පසු ගොවීන් වෙනුවෙන් ගෙවූ ගාස්තුව දෙගුණයකින් ඉහළ නංවා ඇති අතර, මෙතෙක් කිසිදු ආණ්ඩුවක් ලබා නොදුන් අතිවිශාල සහනාධාර මුදලක් වර්තමානයේ ගොවි ජනතාවට නිසි පරිදි ලබා දෙමින් පවතින බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

What's your reaction?

Related Posts

1 of 1,403

Leave A Reply

Your email address will not be published. Required fields are marked *