මෙරට වෙළඳපොළේ බිත්තර මිල අද සිට ක්‍රියාත්මක වන පරිදි නැවත වරක් ඉහළ දැමීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පියවර ගෙන තිබේ. ඒ අනුව අලුත්ම මිල සංශෝධනයට යටතේ සුදු බිත්තරයක නව විකුණුම් මිල රුපියල් 41ක් වන අතර, රතු බිත්තරයක් රුපියල් 42ක් දක්වා ඉහළ දමා ඇති බව එම සංගමය සඳහන් කරයි.මේ අතර වත්මන් වෙළඳපොළ සැපයුම සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම සංගමයේ සභාපති සරත් රත්නායක මහතා ප්‍රකාශ කළේ, මේ වනවිට දෛනිකව දේශීය වෙළඳපොළට නිකුත් කරනු ලබන්නේ බිත්තර ලක්ෂ 75ත් 85ත් අතර ප්‍රමාණයක් පමණක් බවයි.























