බෙංගාල බොක්කේ පීඩන අවපාතය ඉන්දියාව දෙසට

බටහිර-මධ්‍යම සහ ඊට යාබද වයඹ බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ නිරිතදිග ප්‍රදේශවල වැසි සහ සුළං තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කෙරේ. මෙම පද්ධතිය ඉන්දියාවේ උතුරු ආන්ද්‍ර ප්‍රදේශ් සහ දකුණු ඔඩිෂා වෙරළ තීරය හරහා ගමන් කිරීමට නියමිත වුවද, දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.​සමහර ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි අපේක්ෂා කරන අතර, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ සහ පළාත් කිහිපයකට තද සුළං ද බලාපොරොත්තු විය හැකිය.

What's your reaction?

Related Posts

1 of 1,346

Leave A Reply

Your email address will not be published. Required fields are marked *