බෙංගාල බොක්කේ වර්ධනය වන පීඩන අවපාතය නිසා දිවයිනට වැසි වැඩිවීමේ ප්‍රවණතාවක්

බෙංගාල බොක්ක මුහුදු තීරයේ උතුරු අන්දමන් දූපත් අසල පැවැති අඩු පීඩන කලාපය ඉදිරි දින කිහිපය තුළ තවදුරටත් වර්ධනය වෙමින් චක්‍රවාතයක් දක්වා බලපෑම් එල්ල කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම පද්ධතිය බස්නාහිර සහ වයඹ දෙසට ගමන් කරමින් බංගලාදේශය හෝ ඉන්දියාව දෙසට ඇදී යනු ඇතැයි අපේක්ෂා කෙරේ.​මෙම පද්ධතිය ශ්‍රී ලංකාවට සෘජු බලපෑමක් එල්ල නොකළද, ඒ හා සම්බන්ධ සුළං ධාරා දිවයින හරහා හමා යාම හේතුවෙන් නිරිතදිග කොටස්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දිනවලදී බලාපොරොත්තු විය හැක.​ඒ අනුව බස්නාහිර, සබරගමුව, උතුර සහ වයඹ පළාත්වල තැනින් තැන වැසි හෝ ගගුරම් සහිත වැසි ඇතිවිය හැක. දිවයිනේ සසුන් ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව වැසි ඇතිවිය හැකි අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇදහැලීමේ හැකියාවක් පවතී.

What's your reaction?

Related Posts

1 of 1,393

Leave A Reply

Your email address will not be published. Required fields are marked *