මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවන් සිරගත නොකර පුනරුත්ථාපනයට යොමු කරනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවන් සිරගත කිරීම වෙනුවට ඔවුන් රෝගීන් ලෙස සලකා විද්‍යාත්මක පුනරුත්ථාපන ක්‍රියාවලියකට යොමු කිරීමට රජය තීරණය කර ඇති බව මහජන ආරක්ෂක, නීතිය හා සාමය සහ පාරිභෝගික කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. ජන හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා අවධාරණය කළේ මත්කුඩු පාවිච්චි කරන්නන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීමෙන් පමණක් මෙම සමාජ ව්‍යසනයට ස්ථිර විසඳුම් සෙවිය නොහැකි බවයි. කෙසේ වෙතත්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිය උපරිමයෙන්ම ක්‍රියාත්මක කරන බව ද ඔහු සඳහන් කළේය.​දශක ගණනාවක් තිස්සේ දේශපාලන රැකවරණය මධ්‍යයේ ක්‍රියාත්මක වූ මත්ද්‍රව්‍ය ජාලය සහමුලින්ම බිඳ දැමීමට වත්මන් රජය පියවර ගනිමින් සිටින බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. මත්ද්‍රව්‍ය ජාවාරම, පාතාලය සහ දේශපාලනඥයන් අතර පැවති අශුද්ධ සබඳතාවය දැන් සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය.​මෙම උවදුරෙන් රට මුදා ගැනීම සඳහා ජාතික මට්ටමේ සිට ග්‍රාමීය මට්ටම දක්වා විහිදුණු දැවැන්ත මෙහෙයුමක් මේ වන විටත් ආරම්භ කර තිබේ. ඒ සඳහා ග්‍රාමීය මට්ටමින් මහජන ආරක්ෂක කමිටු 14,000කට අධික සංඛ්‍යාවක දායකත්වය සක්‍රීයව ලබා ගැනීමට නියමිත බව ද අමාත්‍ය ආනන්ද විජේපාල මහතා වැඩිදුරටත් කියා සිටියේය.

What's your reaction?

Related Posts

1 of 1,247

Leave A Reply

Your email address will not be published. Required fields are marked *