බම්බලපිටිය දුම්රිය ස්ථානය අසලදී දුම්රියක ගැටීමෙන් 34 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි. ඊයේ (19) සවස් කාලයේදී අළුත්ගම සිට මරදාන බලා ධාවනය වූ දුම්රියක මෙම පුද්ගලයා ගැටී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ලද තොරතුරක් මත බම්බලපිටිය පොලිසිය වහාම පරීක්ෂණ ආරම්භ කර තිබේ.මෙම අනතුරින් අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අනතුර සිදු වීමෙන් අනතුරුව මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය මේ වන විට කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව වාර්තා වේ.සිද්ධියට හේතුව කුමක්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නොමැති අතර, බම්බලපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.























