මහනුවර ඇසළ පෙරහරේ තෙවැනි කුඹල් පෙරහර අද

ශ්‍රී ලාංකේය සංස්කෘතික අභිමානය ලොවට අනාවරණය කරන 1716 වන මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ තෙවැනි කුඹල් පෙරහර අද (20) රාත්‍රියේ චාම් අයුරින් මෙන්ම උත්කර්ෂවත් ලෙස වීථි සංචාරය කිරීමට නියමිතව තිබේ. මෙහි දෙවැනි කුඹල් පෙරහර ඊයේ (19) රාත්‍රී 6.41ට යෙදුණු සුබ මොහොතින් ආරම්භ වූ අතර, වසර 25කට පසු මෙවර එහි සධාතුක කරඬුව වැඩම කරවීමේ භාග්‍යය ශ්‍රී දළදා මාලිගාවේ ජනරාජා හස්තියාට හිමි වීම විශේෂිත සිදුවීමක් විය.​අද දින රාත්‍රි 6.53ට ශ්‍රී දළදා මාලිගාව අභියසින් ගමන් ආරම්භ කරන පෙරහර, දළදා වීදිය, ඩී.එස්. සේනානායක වීදිය සහ කොළඹ වීදිය ඔස්සේ ගමන් කරනු ඇත.​අනතුරුව ඊ.එල්. සේනානායක වීදිය හරහා ගමන් කර රජ වීදියෙන් ඉහළට හැරී නැවත මාලිගය වෙත ගෙවැදීමට නියමිතව ඇත.

What's your reaction?

Related Posts

1 of 1,293

Leave A Reply

Your email address will not be published. Required fields are marked *