මහනුවර ඇසළ පෙරහර සමයේ සුරාසැල් වසා දැමීමට තීරණයක්

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර වීදි සංචාරය කරන හෙට (18) දින සිට පෙරහර නිමාවට පත්වන අගෝස්තු 28 වැනි දින දක්වා දින 11 ක කාලයක් ප්‍රදේශයේ සියලුම මත්පැන් අළෙවි සැල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව නියෝග කර ඇත.​මෙම තීරණය යටතේ මහනුවර කඩවත් සතර සහ ගඟවට කෝරළය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශය තුළ පිහිටි සමස්ත සුරාසැල් ජනතාවට විවෘත නොවන පරිදි සම්පූර්ණයෙන්ම වසා තැබෙනු ඇත.​මීට අමතරව, කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නත්තරම්පොත ග්‍රාම නිලධාරි වසමේ ප්‍රධාන මාර්ගයට යාබදව පිහිටි ඉන්ධන පිරවුම්හල දක්වා වන ප්‍රදේශයේ ඇති මත්පැන් අළෙවිසැල් ද මෙම කාල සීමාව තුළ ක්‍රියාත්මක නොවන බව සඳහන් වේ.

What's your reaction?

Related Posts

1 of 1,289

Leave A Reply

Your email address will not be published. Required fields are marked *