මහ බැංකු එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 8.75% දක්වා ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික සංශෝධනය කිරීමට මුදල් මණ්ඩලය පියවර ගෙන තිබේ. ඊයේ (25) පැවැති විශේෂ රැස්වීමකදී ගත් තීරණයකට අනුව, මෙතෙක් පැවැති එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය පදනම් අංක 100කින් ඉහළ නැංවීමට මුදල් මණ්ඩලය කටයුතු කර ඇත.​මේ අනුව මීට පෙර සියයට 7.75ක් ලෙස පැවති එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතය නව සංශෝධනයත් සමඟ සියයට 8.75ක් දක්වා වර්ධනය වේ. මූල්‍ය වෙළෙඳපොළ ස්ථාවරත්වය සහ පවතින ආර්ථික වටපිටාව සැලකිල්ලට ගනිමින් මහ බැංකුව මෙම තීරණයට එළඹ තිබේ.​අවසන් වරට පසුගිය මාර්තු මාසයේදී සිදුකළ මුදල් ප්‍රතිපත්ති විවරණයේදී මෙම පොලී අනුපාතික කිසිදු වෙනසකින් තොරව ස්ථාවරව පවත්වාගෙන යාමට මහ බැංකුව තීරණය කර තිබූ අතර, ඉන් අනතුරුව සිදුකළ පළමු පොලී අනුපාතික ඉහළ දැමීම මෙය වෙයි.

What's your reaction?

Related Posts

1 of 1,159

Leave A Reply

Your email address will not be published. Required fields are marked *