මිනුවන්ගොඩ අඩු ආදායම්ලාභී පවුල් 109 කට නව නිවාස

​”තමන්ගේම තැනක් ලස්සන ජීවිතයක්” වැඩසටහනට සමගාමීව මිනුවන්ගොඩ මැතිවරණ කොට්ඨාසයේ ජීවත්වන අඩු ආදායම්ලාභී පවුල් 109 ක් වෙනුවෙන් නව නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. මෙම නිවාස ව්‍යාපෘතිය යටතේ තේරී පත් වූ ප්‍රතිලාභී පවුල් සඳහා මූල්‍ය ආධාර චෙක්පත් නිල වශයෙන් ප්‍රදානය කිරීම පසුගියදා සිදු කෙරුණි.​මිනුවන්ගොඩ සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන්තිලක ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම චෙක්පත් බෙදාදීමේ වැඩසටහන සංවිධානය කර තිබූ අතර, ඒ සඳහා මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති අසංක සංජීව මහතා ඇතුළු ප්‍රාදේශීය දේශපාලනඥයින් සහ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.

What's your reaction?

Related Posts

1 of 1,371

Leave A Reply

Your email address will not be published. Required fields are marked *