කොල්ලුපිටිය ලිබර්ටි ප්ලාසා සාප්පු සංකීර්ණයේ පිහිටි වෙළඳසැලක් ඉලක්ක කරගනිමින් සිදුකළ විශේෂ වැටලීමකදී නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන එන ලද ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් සොයා ගැනීමට වලාන දූෂණ මර්දන ඒකකය සමත්ව තිබේ.මෙම වැටලීමේදී අත්අඩංගුවට ගෙන ඇති ජංගම දුරකථන ප්‍රමාණය 300 ඉක්මවන අතර, ඒවායේ දළ වෙළඳපොළ වටිනාකම රුපියල් මිලියන 50 ඉක්මවන බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.මෙම ජාවාරම පිටුපස වෙනත් පුද්ගලයන් හෝ ජාලයක් ක්‍රියාත්මක වී ඇත්ද යන්න සෙවීම සඳහා වලාන දූෂණ මර්දන ඒකකය විසින් වැඩිදුර පරීක්ෂණ අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් පවතී.























