2026 වසර සඳහා නියමිත සියලුම විභාග මීට පෙර ප්‍රකාශයට පත් කළ දින වකවානුවලදීම කිසිදු වෙනසකින් තොරව පැවැත්වීමට කටයුතු යොදා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (24) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව අවධාරණය කළාය.ඒ අනුව, පසුගිය 2025 සැප්තැම්බර් 14 වැනි දින නිකුත් කරන ලද නිල නිවේදනයට අනුකූලව සකස් කෙරුණු විභාග කාලසටහන එලෙසම ඉදිරියටත් බලාත්මක වනු ඇත. මෙම කාලසටහන සකස් කිරීමේදී සිසුන්ට තම අධ්‍යයන කටයුතු සහ පුනරීක්ෂණ නිසි පරිදි සිදු කර ගැනීමට අවශ්‍ය පූර්ණ කාලය පිළිබඳව ද දැඩිව අවධානය යොමු කළ බව කොමසාරිස් ජනරාල්වරිය පෙන්වා දුන්නාය.විභාග දෙපාර්තමේන්තුවේ මෙම ස්ථාවරයත් සමඟ විභාග දින සම්බන්ධයෙන් සිසුන් සහ දෙමාපියන් තුළ පැවති අවිනිශ්චිතතාවය මුළුමනින්ම දුරුවනු ඇත. නියමිත දින වකවානු අනුව සමස්ත විභාග පද්ධතියම ක්‍රමවත්ව සහ සාර්ථකව මෙහෙයවීම සඳහා දෙපාර්තමේන්තුව මේ වන විටත් සූදානමින් සිටින බව ද එහිදී ප්‍රකාශ විය.



























