2026 වසරේ මේ දක්වා මෙරටට පැමිණි සමස්ත විදෙස් සංචාරකයන් සංඛ්‍යාව 2,018,931ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිවේදනය කරයි. නොවැම්බර් මාසයේ පළමු දින 22 තුළ පමණක් විදෙස් සංචාරකයන් 156,627 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.නොවැම්බර් මාසයේ ගතවූ එම කාලය තුළ වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව 47,338කි. ඊට අමතරව රුසියාවෙන් 14,744ක්, එක්සත් රාජධානියෙන් 10,628ක්, ජර්මනියෙන් 9,504ක් සහ චීනයෙන් 8,640ක් ලෙස සංචාරකයන් මෙරටට පැමිණ ඇත.සංචාරක ක්ෂේත්රය නගා සිටුවීම වෙනුවෙන් රජය ක්‍රියාත්මක කළ සැලසුම්ගත වැඩපිළිවෙළෙහි සාර්ථකත්වය මෙම වර්ධනය තුළින් පෙන්නුම් කරන බව සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.



























