දිවයින පුරා ඩෙංගු රෝග ව්‍යාප්තිය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති අතර, වසරේ ගතවූ කාලසීමාව තුළ වාර්තා වූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 73,455ක් දක්වා වර්ධනය වී තිබේ. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නවතම දත්තවලට අනුව මේ වන විට මෙරටින් ඩෙංගු මරණ 50ක් ද වාර්තා වේ. ඊයේ (16) දිනයේදී පමණක් අලුතින් රෝගීන් 1,025 දෙනෙකු හඳුනාගෙන ඇත.සමස්ත රෝගීන්ගෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ බස්නාහිර පළාතට වන අතර, එහි ලියාපදිංචි වී ඇති රෝගීන් සංඛ්‍යාව 38,700කි. දිස්ත්‍රික් මට්ටමින් ගත් කල වැඩිම රෝගීන් ප්‍රමාණයක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එය 15,341ක් ලෙස සටහන් වේ. මීට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් ද රෝගීන් 14,625ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.මාසික දත්ත විශ්ලේෂණයට අනුව, ගතවූ ජූනි මාසය තුළ වසරේ වැඩිම රෝගීන් සංඛ්‍යාව වාර්තා වී ඇති අතර එම ප්‍රමාණය 21,538කි. එමෙන්ම උදාවී ඇති ජූලි මාසයේ මුල් දින 16 තුළ පමණක් රෝගීන් 18,076 දෙනෙකු අලුතින් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කරයි.























