මෙරට නිල දරිද්‍රතා රේඛාව ජුනි මාසයේදී ඉහළට

ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නවතම වාර්තා වලට අනුව, මෙරට ජුනි මාසයේ නිල දරිද්‍රතා රේඛාව රුපියල් 17,592ක් දක්වා වර්ධනය වී තිබේ. මැයි මාසය සමඟ සැසඳීමේදී මෙම අගය රුපියල් 277ක ඉහළ යාමක් පෙන්නුම් කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.​දිස්ත්‍රික් මට්ටමින් ගත් කල, කොළඹ දිස්ත්‍රික්කයේ දරිද්‍රතා රේඛාවේ අගය රුපියල් 18,973ක් ලෙසත්, ගම්පහ දිස්ත්‍රික්කයේ එම අගය රුපියල් 18,876ක් ලෙසත් වාර්තා වී ඇත.​කෙසේ වෙතත්, මෙම දත්ත වලට අනුව දිස්ත්‍රික් මට්ටමින් දරිද්‍රතා රේඛාවේ අවම අගය සටහන්ව ඇත්තේ මොණරාගල දිස්ත්‍රික්කයෙන් වන අතර, එහි අගය රුපියල් 16,821ක් ලෙස දැක්වෙයි.

What's your reaction?

Related Posts

1 of 1,314

Leave A Reply

Your email address will not be published. Required fields are marked *