මොනරාගල දිස්ත්‍රික්කයේ පොලිස් සේවය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් බුත්තල, කුඩාඔය සහ ඔක්කම්පිටිය යන පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන් සඳහා අලුතින් ඉදිකළ නිල නිවාස නිල වශයෙන් විවෘත කර තිබේ. පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම නිවාස පසුගියදා (03) අදාළ නිලධාරීන් වෙත භාර දෙන ලදී.මෙම සංචාරයට සමඟාමීව, දැනට ඉදිකිරීම් සිදු කෙරෙමින් පවතින මොනරාගල කොට්ඨාස පොලිස් අධිකාරි කාර්යාලයේ නව ගොඩනැඟිල්ලේ වැඩ කටයුතුද පොලිස්පතිවරයා විසින් නිරීක්ෂණය කරන ලදී. එහිදී ඉදිකිරීම් කටයුතු ඉක්මන් කිරීමට අවශ්‍ය උපදෙස් සහ මඟ පෙන්වීම් ලබා දීමටද ඔහු කටයුතු කළේය.මෙම අවස්ථාව සඳහා ඌව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් රැසක් සහභාගී වී සිටියහ. ප්‍රදේශයේ ආරක්ෂාව සහ පරිපාලන කටයුතු වඩාත් විධිමත් කිරීමට මෙම නව පහසුකම් ඉමහත් පිටුවහලක් වනු ඇත.



























