ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් තුෂාර ඉදුනිල් ප්‍රනාන්දු මහතා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ නව කොමසාරිස් ජනරාල්වරයා ලෙස පත් කර තිබේ. ඒ අනුව, කොළඹ 05, ඇල්විටිගල මාවතේ පිහිටි දෙපාර්තුමේන්තු ප්‍රධාන කාර්යාලයේදී ඔහු සිය නව ධුරයේ රාජකාරි කටයුතු අද (01) පෙරවරුවේ ආරම්භ කළේය.ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති පූජ්‍ය කිරින්දේ අස්සජි නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ ආශීර්වාදය මැද මෙම නිල රාජකාරි ආරම්භ කිරීමේ උත්සවය පැවැත්විණි.මෙම අවස්ථාවට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ වැඩ බලන කොමසාරිස් ජනරාල් තාරක දේවප්‍රිය, සංවර්ධන කොමසාරිස් විශාකා කුමාරගුරු, විමර්ෂණ කොමසාරිස් නිමාලිකා කුමාරි යන මහත්ම මහත්මීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.

























