මෙම වසරේ යල කන්නයේ වී අස්වනු නෙළන සමයේදී ගොවීන්ට සාධාරණ මිලක් ලබා දීමේ අරමුණින්, වී මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් මිලියන 7,500ක (රුපියල් බිලියන 7.5ක්) පරිපූරක ඇස්තමේන්තුවක් අද (අගෝස්තු 21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. වී අලෙවි මණ්ඩලය හරහා ක්‍රියාත්මක වන මෙම මිලදී ගැනීමේ ක්‍රියාවලිය වඩාත් විධිමත් කිරීම මෙහි මූලික අපේක්ෂාවයි.මෙම අරමුදල් ප්‍රතිපාදන ලබා ගැනීම සම්බන්ධයෙන් වන විශේෂ විවාදය අද දින පෙරවරු 11:30 සිට දහවල් 12:30 දක්වා පැවැත්වීමට ඊයේ (20) රැස් වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ඒකමතිකව තීරණය කර ඇත.ගොවීන් මුහුණපාන ආර්ථික අපහසුතා මඟහරවා ඔවුන්ගේ අස්වැන්නට නිසි වටිනාකමක් ලබා දීම සඳහා මෙම මූල්‍ය ප්‍රතිපාදන බෙහෙවින් උපකාරී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.



























