මුදල් විශුද්ධිකරණ පනත යටතේ ගොනු කරන ලද නඩුවකදී තමාට එරෙහිව කුමන්ත්‍රණ චෝදනාව පවත්වාගෙන යාම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්‍රයෙකු වන යෝෂිත රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ අභියාචනයක් අද (07) දින ඉල්ලා අස්කර ගන්නා ලදී. අනාගතයේදී අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය වුවහොත් එම කාරණය මතු කිරීමට යෝෂිත රාජපක්ෂ මහතාට අවසර දෙමින්, අභියාචනය ඉල්ලා අස්කර ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසර ලබා දෙන ලදී.



























