බාලිකාවන්ගේ මානසික හා ශාරීරික දක්ෂතා පරීක්ෂාවට ලක් කෙරුණු බාලිකා බළ ඇණි ඇගයීම් කඳවුරේ 4 වැනි අදියරේ සමාප්ති උත්සවය සහ විසිර යෑමේ පෙළපාළිය රංටැඹේ පුහුණු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.දකුණු පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂ කර්නල් එන්. සී. පී. සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අධීක්ෂණ පෙළපාළිය සඳහා දිවයින පුරා බාලිකා ශිෂ්‍ය කණ්ඩායම් විශාල පිරිසක් බළ ඇණි කිහිපයක් නියෝජනය කරමින් උද්යෝගයෙන් සහභාගී වූහ.මෙහිදී බළ ඇණි අංශයෙන් විශිෂ්ට දස්කම් දැක්වීමට පාසල් කිහිපයක් සමත් වූ අතර, ඒ අනුව 7 වන බළ ඇණියෙන් යශෝදරා දේවි බාලිකා විද්‍යාලයද, 10 වන බළ ඇණියෙන් ඇඹිලිපිටිය ජනාධිපති මධ්‍ය මහා විද්‍යාලයද, 11 වන බළ ඇණියෙන් සිරිපුර මධ්‍ය මහා විද්‍යාලයද ප්‍රථම ස්ථාන දිනා ගත්හ. එසේම, මුළු කඳවුරේදීම වැඩිම ලකුණු අත්කර ගනිමින් 12 වන බළ ඇණියේ ප්‍රථම ස්ථානය මෙන්ම සමස්ත ශූරතාව දිනා ගැනීමට පානදුර බාලිකා විද්‍යාලය සමත් වූ අතර, 13 වන බළ ඇණියෙන් මාතලේ ශ්‍රී සංඝමිත්තා බාලිකා විද්‍යාලය සහ 17 වන බළ ඇණියෙන් අම්පාර ඩී. එස්. සේනානායක ජාතික පාසල ද තම තමන්ගේ කාණ්ඩවල ප්‍රථම ස්ථාන හිමිකර ගත්හ.



























