රජය ප්‍රජාතන්ත්‍රවාදය මර්දනය කරනවා – රනිල් වික්‍රමසිංහ

රට තුළ මේ වන විට ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම සහ විපක්ෂයේ ක්‍රියාකාරීත්වය ක්‍රමයෙන් විනාශ කර දැමීමේ වැඩපිළිවෙළක් රජය විසින් ක්‍රියාත්මක කරමින් පවතින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චෝදනා කරයි. පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැති එක්සත් ජාතික පක්ෂයේ 80 වැනි සංවත්සර සැමරුම් උත්සවය අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය. වර්තමාන පාලනය ක්‍රියාත්මක වන ආකාරය දැඩි ලෙස විවේචනය කළ හිටපු ජනාධිපතිවරයා, රටේ පාලනය මෙහෙයවනු ලබන්නේ කුමන ස්ථානයකින්දැයි යන ගැටළුව මතු කළේය.​කිසිදු අයුරකින් සාධාරණ හේතුවක් නොමැතිව දේශපාලනඥයන් අත්අඩංගුවට ගනිමින් විපක්ෂය මර්දනය කිරීමට කටයුතු කරන බවත්, වෘත්තීය සමිතිවලට එරෙහිව පියවර ගන්නා බවත් හිටපු ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම නීතිඥවරුන්, වෛද්‍යවරුන් මෙන්ම ගරු භික්ෂූන් වහන්සේලා ඉලක්ක කර ගනිමින් වත්මන් පාලනය කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.​ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන වගන්තිය මඟින් තහවුරු කර ඇති ජනතා පරමාධිපත්‍යය මෙන්ම නවවන වගන්තියෙන් ආරක්ෂා කළ යුතු බුද්ධාගම රැක ගැනීම සඳහා සියලු පාර්ශ්වයන් එකමුතු විය යුතු බවද රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

What's your reaction?

Related Posts

1 of 1,318

Leave A Reply

Your email address will not be published. Required fields are marked *