රජරට සරසවි සිසුන්ට ජනාධිපති අරමුදලින් ඇස් කණ්ණාඩි

විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන් ක්‍රියාත්මක නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීමේ ජාතික වැඩසටහනේ පළමු අදියර යටතේ රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් 316 දෙනෙකුට අද දින ඇස් කණ්ණාඩි ප්‍රදානය කිරීමට නියමිතව ඇත.​මෙම ව්‍යාපෘතියේ මූලික අදියරේ අක්ෂි පරීක්ෂණ කටයුතු පසුගිය සැප්තැම්බර් මස අවසාන භාගයේදී සාර්ථකව නිම කරන ලදී. මෙහි දෙවන අදියර පසුගියදා රුහුණු විශ්වවිද්‍යාලයේදී පැවැත්වුණු අතර, එය පුළුල් වැඩසටහනක කොටසකි.​බ්‍රිතාන්‍යයේ ‘Stroud Rotary Club’ සහ ‘Wish පදනම’ සමඟ එක්ව ක්‍රියාත්මක මෙම වැඩසටහන හරහා, දිවයිනේ සියලුම විශ්වවිද්‍යාලවල අක්ෂි ආබාධ සහිත සිසුන්ට අවශ්‍ය කණ්ණාඩි නොමිලේ ලබා දීම අරමුණයි.

What's your reaction?

Related Posts

1 of 1,382

Leave A Reply

Your email address will not be published. Required fields are marked *