රත්නපුර – කොළඹ මාර්ගයේ බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී 16 දෙනෙකුට තුවාල

රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගයේ හිදැල්ලන ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබූ පිරිස අතරින් පස් දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව පොලීසිය සඳහන් කරනවා.​අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 50කට ආසන්න පිරිසක් ගමන් කර ඇති අතර, තුවාල ලැබූ සියලු දෙනා ප්‍රතිකාර සඳහා රත්නපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

What's your reaction?

Related Posts

1 of 1,441

Leave A Reply

Your email address will not be published. Required fields are marked *