රාජ්‍ය සේවයේ පුරප්පාඩු පිරවීමට නව නිලධාරීන් 1,700ක් බඳවා ගනී

රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ පවතින පුරප්පාඩු පියවීම වෙනුවෙන් අලුතින් නිලධාරීන් පිරිසක් බඳවා ගැනීමට රජය පියවර ගෙන තිබේ. රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා සඳහන් කළේ, රාජ්‍ය අංශයේ පවතින පුරප්පාඩු සඳහා තාක්ෂණික නිලධාරීන් 100 දෙනෙකු එළඹෙන ජුනි 15 වන දින සේවයට බඳවා ගැනීමට කටයුතු සූදානම් කර ඇති බවයි.​මීට අමතරව, රාජ්‍ය අංශයේ පරිපාලනමය කටයුතු වඩාත් ශක්තිමත් කරමින් කාර්යාලීය සේවාවන් විධිමත් කිරීම සඳහා කළමනාකරණ සහකාර නිලධාරීන් 1,600 දෙනෙකුට මෙම මස 30 වන දින පත්වීම් ලිපි පිරිනැමීමට නියමිත බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. මෙම නව බඳවා ගැනීම් හරහා රාජ්‍ය ආයතන රැසක දැනට පවතින සේවක හිඟයට කඩිනම් විසඳුම් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

What's your reaction?

Related Posts

1 of 1,185

Leave A Reply

Your email address will not be published. Required fields are marked *